රේඩියෝවෙන් විමුක්තිය සෙවීම හා එයිනුත් ඉදිරියට…..

දැනට වසර 3 කට 4 කට පෙර සිට ගුවන්විදුලියේ පුද්ගලික නාලිකා විසින් ‍‍බොදු ආගමික වැඩසටහන් සදහා ප්‍රමුකත්වයක් දෙනු පෙනෙන්නට තිබේ. විවිධ භික්ෂන් වහන්සේලා  විවිධ ආගමික වැඩසටහන් මගින් ඇතිකරන ලද ප්‍රබෝධය මීට හේතුවක් ලෙස මා දකී. ඒ අතරින් නිවැරදි ධර්මය නිවැරදි ආකාරයෙන් ගිහියන්ට දේශණා කරන භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකු වැඩ වාසය කරයි. නමුත් වැඩිමනක් දෙනෙකු මෙම විද්‍යුත් මාධ්‍ය භාවිතා කරනුයේ හුදු ජනප්‍රිය වීමේ එක් මාර්ගයක් ලෙස පමණි. නමුත් මා එම කාරණය පවා අනුමත කරමි.ඊට හේතුව වන්නේ කෙසේ හෝ අපට ධර්ම කරුණක් හෝ ඒ මගින් අසන්නට ලැබීම එසේ නොවීමට වඩා වටින නිසාය.

මා ප්‍රකාශ කල මෙම කාරණා දැන් වඩාත් දුර ගොස් ඇත. එනම් බොහෝ චැනලයන් දැන් ධර්මය අවබෝධ කිරීම පසෙකලා අසන්නන්ට ධන ලාභ ආරක්ෂාව ලබා දීම සොර සතුරු උපද්‍රව වලින් ආරක්ෂාකිරීම යන සරල කරුනු සදහා පෙල ගැසීඇත. ර්‍ශ්‍ර සද්ධර්මය පවතින්නේ මෙවැනි සුලු කරුනු ඉටු කර ගැනීමට නම් මෙසේ කලාට කමක් නැත. නමුත ධර්මය පවතින්නේ ඒ සදහා නොව සදාකාලික විමුක්තිය උදාකර ගැනීම සදහාය. මෙහිදී තවත් කරුණක් කිව යුතුය. එනම් දැන් ධර්මයෙන් ඉවත් වී වේද ග්‍රන්ත වල සදහන් මන්ත්‍ර උදේ සවස ජප කිරීම ද මෙම ගුවන් විදුලි නාලිකා විසින් ආරමිභ කර ඇත. අප නිදුකාණන් වහස්සේ විසින් එවකට පැවති ධර්මයන් අත් හැර වෙනත් මගක් සෙව්වේ මෙම පැවති ධර්මයන්ගෙන් නිසි පිළිතුරක් උන්වහන්සේ බලාපොරොත්තු වූ ගැටලුව සදහා නොලැබූ නිසාය. ඒ නිසා අප තවදුරටත් මෙම මන්ත්‍ර පසු පස යා යුතුද.

ශ්‍රී ලංකා තොරතුරු හි සංනිවේදන තාක්ෂණ සේවා ව්‍යවස්ථා සංග්‍රහය

මෙන්න රජයේ සේවයේ ඉන්න අය බලාපොරොත්තුවෙන් හිටිය ව්‍යවස්ථාව ඇවිල්ලා. ගොඩක් කාලයක් ඉදලා කටිටිය බලාගෙන හිටියා මේක එනකම්. අනේ ඒත් අපිට ඒකට යන්න බෑ. ඒකත් ඉතිං ඉන්න අයටම ඇතුලට රිංගගන්න හදාගත්ත එකක්. රජයේ සේවයේ ඉන්න තොරතුරු තාක්ෂණ දැනුමෙන් ඉහල  සුදුසුකම් තියෙන අයට මේ ව්‍යවස්ථාවෙන් ලොකු අසාධාරනයක් වෙලා තියෙනවා. ඒක මේ ව්‍යවස්ථාව කියවනකොට හොදට තේරෙනවා. ඇයි මෙහෙම අසාධාරණ විධියට මේ ව්‍යවස්ථාව හදන්න දුන්නේ. අපි හිම ආසාවෙන් හිටියේ මේ සේවාවට එක්වෙන්න. නමුත් මට වගේ තවත් අයට මේ ව්‍යවස්ථාව පරහට ඉන්නවා. ඒක යටතේ අන්තර්ග්‍රහණය කිරීම කරන්නේ තොරතුරු තාක්ෂණ අංශයේ අය විතරයි. කොච්චර හොද සුදුසුකම් තිබුනත් අනිත් සේවකයින්ට මෙයට අතුලත් විය නොහැකි ලෙස වැට බැදලා.

අයිස් පෙට්ටිය කවකටු දාන්නද?

ඔය අපේ ගෙවල්වල  ෆ්‍රිජ්(අයිස් පෙට්ටි) තියෙනවනේ. සතියකට පාරක් පොලේ ගිහිල්ලා වෙලෙන්දන්ට කේවල් කරලා අඩු ගානට කියලා හිතන් අරගෙන එන එලවලු ටික දාන්න තමයි ඕක ගෙවල්වල  තියෙන්නේ. ගාන අඩු වගේම බරත් අඩුයි. ඒ වෙලෙන්දන්ගේ තරාදි අපේ ඒවාට වඩා මානුෂිකයි. වැඩි  බරක් අපට උස්සන් එන්න දෙන්නේ නෑ. කොහොම හරි අපි උස්සන් එන එලවලු ටික ඔන්න ඉති අර ෆ්‍රිජ් එකේ දානවා. ඒක වේල වේල අපි කනවා. අපි ඉතින් හිතා ඉන්නේ ඒක ගුණයි කියලා. ඒක නෙවේ මම කියන්න යන්නේ. අපි අපේ ෆ්‍රිජි පාවිව්චිකරන විදිය ගැන. සමහර ඒවා ඉතා පිරිසිදුව පාවිච්චි තරනවා. නමුත් සමහර ඒවා අරින්න බෑ. පළාතම ගද ගහනවා. ඒවා ඇතුලට පිසින ලද කෑම දැමීම තමයි මට හිතෙන හේතුව මේකට.ඉති අර වේල වේල කන එලවලු (අපි පිරිසිදු කියලා හිතන් ඉන්න)ටික තවත් විෂබීජ වලින් පුරවනවා.ඉතිං ඒවා කන අයට දෙයියන්ගෙම පිහිටයි.

වැස්ස වලාහක දෙවියන්ගේ වෙනස් වීම……….

200236712-001

මේ දවස්වල  මේ පැත්තට වැස්ස. නමුත් වහින්නට හදන තරම් තදින් වහින්නේ නැති වීම මේ පළාතේ අපගේ වරදක් ද කොහෙද. නැත්තං ඉතිං මේ තරම් කලු කරගෙන එන වැස්ස ඇයි අඩුවෙන් වහින්නේ. ඒකෙන් මේකෙන් මේ පළාතේ වැව් ටික පිරුනෙත් නෑ. ඒ නිසා ගොවීන් ඉන්නෙත් දෙගිඩියාවෙන්. කුඹුරු වපුරනවද නැද්ද . ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වැස්ස. නමුත් ඒකත් ඔවුන්ට කෙනෙහිලිකම් කරනවා. වැසි දිය මගින් කුඹුරු කරන වැඩි පිරිසක් ඉන්න මේ පළාතේ ගොවීන් මේ නිසා මෙවර දැඩි අපහසුතාවයකට පත් වනු නොඅනුමානය.

කොහොම වුනත් මේ එහෙන් මෙහෙන් වහින වැස්සට අහුවෙලා මට නම් ටිකක් උණ වගේ.

ඔෆිස් එකේ ඩිජිටල් කැමරාව

මගේ ඔෆිස් එකේ ඩිජිටල් කැමරාවක් තියෙනවා. ඒක සෝනි සයිබර් ෂොටි වර්ගයේ මෙගා ෆික්සල් 8.5 ප්‍රමාණයේ එකක්. ඉතා අනර්ග ලෙස මේ අපූරු කැමරා පොඩ්ඩා මට නිතර උදවි කලා මගේ වැඩවලට. නමුත් මෑතක ඉදන් මට වදදෙනවා. මෑන්ස් ගෙන් ලබාගන්නා පොටෝ ටිකක් හෙලවිලා වගේ තියෙනවා. මම ට්‍රයි කලා මම දන්න තරම් නමුත් හරි ගියේ නෑ.මොකද කරන්නේ කියලා මම දැන් කල්පනා කරන්නේ.

සුභ දවසක්!

ඔන්න එහෙනම් මමත් බිලොග් ලියනවා.  මම කැමති මාතෘකාවලි මම ලිපි ලියන්න බලාපොරොත්තු වෙනවා. කැමති දේවල් නම් ගොඩයි. ටිකටික එහෙනම් ලියන්නම්කො. මගේ බිලොග් එකේ කුණුහරුප නම් නෑ. දේශපාලනයත් නම් අඩුවෙන් තමා තියෙන්නේ.

විශේෂයෙන් සදහන් කරන්න ඕන සිංහල බිගොල් කරුවන්ගේ සංසදය ගැන. එයාලා ඉතා පහසු ක්‍රමයක් සකස් කරලා තියෙනවා සිංහල ‍බ්ලොග් එකක් සෑදීමට. මමත් ඒකෙන් ප්‍රයෝජන ගත්තා. මම ඒ නිසා ඔවුන්ට ස්තූති වන්ත වෙනවා.

කොහොමත් මගේ රාජකාරී වැඩ අස්සේ  මේ බිලොග් ලියවිල්ල ඒ තරම් ඇගට නම් ගුණ නොවීමටත් ඉඩ තියෙනවා.